ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තනාපති වරු දෙදෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අක්තපත්‍ර භාර දුන්හ.

ඒ අනුව ඉතාලි ජනරජය සහ ජර්මානු ෆෙඩරල් ජනරජය සඳහා නව තානාපතිවරුන් දෙදෙනෙක් සහ මහා බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානිය හා උතුරු අයර්ලන්තය සදහා නව මහ කොමසාරිස්වරයෙක් පත්ව සිටිති.

ඉතාලි ජනරජය තානාපති වරයා වශයෙන් දමියානෝ ෆ්‍රැන්කෝවිහ්, මහා බ්‍රිතාන්‍ය එක්සත් රාජධානිය සහ උතුරු අයර්ලන්තය මහ කොමසාරිස් වශයෙන් ඇන්ඩෘ පැට්‍රික්, ජර්මානු ෆෙඩරල් ජනරජයේ තානාපති ලෙස ආචාර්ය ෆෙලික්ස් නිවුමාන් මෙසේ අක්තපත්‍ර බාර දුන් රාජ්‍ය තාන්ත්‍රිකයෝ ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ අක්තපත්‍ර භාර ගැනීමෙන් අනතුරුව නව තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරයා සමග සමග සුහද කථා බහක නිරත විය.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් අරුණි විජේවර්ධන, ජනාධිපති කාර්යාලය වෙත පැමිණි රාජතාන්ත්‍රිකයන් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අමිත් මධුරංග ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *