ව්‍යාජ ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් 6,000කට ආසන්න ප්‍රමාණයක් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් සිය බාරයට ගෙන තිබේ.

පසුගිය තියෙන පැවැති ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් දුන් නියෝගයෙන් පසු රට පුරා කරන ලද වැටලීම් වලින් ව්‍යාජ දිග නෑලු මත්පැන් බෝතල් 6,000කට ආසන්න ප්‍රමාණයක් සුරාබදු නිලධාරීන් විසින් මෙලෙස සිය භාරයට ගනු ලැබ ඇති බව හෙළි විය .

එසේ බාරයට ගන්නා ලද මත්පැන් නිෂ්පාදනය කළ ආයතන ලැයිස්තුව, එම මත්පැන් අලෙවි කළ වෙළෙඳසල් පිළිබඳ හානි වැරදිකරුවන්ට එරෙහිව සුරාබදු දෙපාර්තමේන්තු විසින් ගනු ලබන නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් 2023.08.31 දිනට පෙර කාරක සභා වෙත දෙන ලෙස කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍ර ලාභීන්ගේ නියෝජිතයන් මෙහිදී කාරක සභාවේ අවධානයට යොමු කළේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් ක්‍රියාකාරකම් හේතුවෙන් රජයට ලැබිය හැකි බදු ආදායම් අහිමි වන බවයි. මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග හා එම ක්‍රියාමාර්ග ගත යුතු ගත යුතු කාල සීමාවන් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට නිසි උපදෙස් දැනගැනීමටත් දී ඇති බව කාරක සභාවේ සභාපති සභාපතිවරයා ප්‍රකාශ කළේය. කෘතිම රා නිෂ්පාදනය කිරීම මගින් රජයට අහිමි වන බදු ආදායම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. ස්වභාවික හා හා කෘතිම රා වෙන්කර හදුනා හඳුනා ගැනීමේ තාක්ෂණික විශේෂඥතාව මෙරට තුළ ඇති බව පෙන්වා දුන් සභාපතිවරයා නිෂ්පාදනය කරන ලද කෘතිම කරා සොයා ගැනීම සඳහා දෙපාර්තමේන්තුව විසින් ගන්නා ලද පියවර සම්බන්ධයෙන් වාර්තාවක් මේ මස 31 දිනට පෙර කාරක සභාව වෙත දෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

අනුරාධා හේරත්, ක්‍රිශාන් පතිරත් ජයසූරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *