රෝගීන්ට ශල්‍යකර්ම සිදු කිරීමට පෙර නිර්වින්දනය කිරීමට භාවිතා කරන නිර්වින්දන වායු ඖෂධය රට පුරා රෝහල්වල හිගයක් පවතින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසීය.

නිර්වින්දන වායු ඖෂධ හිටුවීම නිසා නුවරඑළිය රෝහලේ ශල්යකර්ම දින දෙකක් තිස්සේ සීමා කර ඇති බවද වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා කීය.

නුවරඑළිය රෝහලේ ඉකුත් දින දෙකේදී සිදුකලේ හදිසි ශල්‍යකර්ම පමණක් බවද කොළඹ දි ඊයේ පැවති වෘත්තිය සාකච්ඡාවක දී බණ්ඩාර මහතා පැවසීය.

රංජන් කස්තුරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *