ශ්‍රි ලංකා මහ බැංකුව විසින් පසුගිය විසිපස් වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බැංකු නියාමනය සදහා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව උපරිම උපස් පොලිය වාර්ෂිකව 18% වන අතර බැංකු අයිරා සදහා උපරිම පොලිය 23% ක් ද ක්‍රෙඩිට් කාඩ් සදහා උපරිම පොලිය 28% වන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එසේම දඩ පොලිය අනුපාතය අදාල ණය පොලියට අයකරන පොලී අනුපාතයෙන් උපරිම 2% විය යුතුය.

මෙම ක්‍රියාමාර්ග අනුගමනය නොකරන සියලු බැංකු හා මූල්‍ය ආයතන සම්බන්ධයෙන් විශේෂ නියාමනයක් සිදු කිරීමට මහ බැංකුව කටයුතු කරන අතර ඊට අදාල උපදෙස් ද 25වැනිදා නිකුත් කරන චක්‍රලේඛයේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *