සිංගප්පූරුව සමග ඇතිකරගත් ගිවිසුම් හා සා කර ගත් ගිවිසුම් හා සාකච්ඡාවල ප්‍රගතිය අදාළ විෂය භාර අමාත්‍යවරයා වන තෙක් එම කටයුතු ඉදිරියට ගෙන යාම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙත පැවරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.
උතුරු සහ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කර ගනිමින් ඉදිකිරීමට නියමිත සුළං සහ සූර්ය බලශක්ති නිෂ්පාදන නවීන තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් සිංගප්පූරුවට යැවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සිංගප්පූරු සංචාරයේදී සාකච්ඡා සිදුව ඇත.
ජනාධිපති වරයා සිංගප්පුරුවේදී කළ සාකච්ඡා වලට අදාල කටයුතු ඊට සම්බන්ධ අමාත්‍යාංශය වෙත පවරන තෙක් ජනාධිපති කාර්යාලය යටතේ පවත්වාගෙන යාමට තීරණය කර තිබේ. සුළං සහ සූර්ය විදුලි නිෂ්පාදනයක් කර දෙරට අතර හුවමාරු කරගන්නා ආකාරය ගැන ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිතය.
singapore සහ ශ්‍රී ලංකාව අතර දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කටයුතු ද පරිසර අමාත්‍යංශය වෙත පවරන තෙක් ජනාධිපති කාර්යාලය මගින් ඉදිරියට ගෙන යනු ඇත. ආරම්භ කිරීමට යෝජිත සිංගප්පූරුව ශ්‍රී ලංකා වෙළද ගිවිසුම ගැන මෙන්ම ඉන්දියන් සාගරයේ ආරක්ෂාව ගැන කටයුතු ද ඒ අයුරින් සිදු කිරීමට නියමිතය.
නිපුණතාවය සහිත හෙදියන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශිල්පීන් ශ්‍රමිකයන් ලෙස එරට යැවීමට යැවීම ගැන ද ජනාධිපති සිංගප්පූරු සංචාරය අතර තුළ සාකච්ඡා කළ අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමිකයන්ට සිංගප්පූරුවේ විශාල ඉල්ලුමක් පවතින බව ද සාකච්ඡා වලදී හෙළිව තිබේ.
වජිර ලියනගේ