බඩු මිල අහස උසට වැඩි වී ඇති අතර, බැංකු පොලියත් ඉහළ ගොස් තිබෙන බවද උද්ධමනය අඩු උනාට බඩු මිල අඩු වී නැති බව ද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න සිළුමිණට ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මෙසේද කියා සිටියේය. ” මහ බැංකුවේ පොලී අනුපාතය අඩු කරන්න අවශ්‍යයි. එම අනුපාතය අඩු වීමේ සීඝ්‍රතාව ප්‍රමාද වී තිබෙන්නේ.

සුදු ජනතාවගේ ආදායම තිබුන තැනම තිබුනත් වියදම වැඩි වෙලා තිබෙනවා. බඩු මිල විශාල ලෙස ඉහළ යාමෙන් ව්‍යාපාරිකයන්ගේ වගේම ජනතාවගේ ආර්ථිකය පහළට ගිහින් තිබෙනවා. බැංකු පොලිය වැඩිනම් ඉල්ලුම අඩු වෙනවා. ක්‍රෙඩිට් කාඩ් ගත්තා අයට ඒවා ගෙවා ගන්න බැහැ. ණය ගෙවා ක්‍රමයක් නැහැ. පොලී අනුපාතය ඉහළ නිසා ණය ප්‍රමාණය ඉහළ යන්නෙත් නෑ. එයට හේතුව ක්‍රෙඩිට් කාඩ් වලට තිබෙන ඉල්ලුම ඉහළ යන්නේ නැති නිසා”

සුභද්‍රා දේශප්‍රිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *