එක්ස්ප්‍රස් පර්යේෂණය සම්බන්ධයෙන් සිදුවන අධිකරණ ක්‍රියාදාමය පලුදු වීමට කිසිසේත් ඉඩ නොදෙන නමුත්, එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයට පෙර නිව් ඩයමන් ව්‍යසනයක් සිදු වූ බවත් එයින් සිදු වූ තෙල් කාන්දුව හේතුවෙන් විශාල පරිසර හානියක් සිදු වුව ද එයින් ද රජය කිසිදු පාඩමක් ඉගෙන නොගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේය.
එක්ස්ප්‍රස් පර්ල් විනාශය සිදුවන විට එහි හානිය ද වැරදි ආකාරයට අර්ථ පූර්ණය කළ බවද පාර්ලිමේන්තු කාරක සභාවලින් මෙය ප්‍රශ්න කර සිටින විට අදාළ ආයතන විසින් මෙම හානිය මීගමුව, මන්නාරම, පානදුර, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට සිට නැගෙනහිර වෙනම දක්වා සිදු වූ සිදු වූ බවට පිළිගත් බවත් පැවසූ විපක්ෂනායකවරයා මේ කටයුතු සිදු කිරීමේදී රාජ්‍ය ආයතන නිවැරදිව නිර්ව්‍යාජව කටයුතු කරනවාද යන්න බරපතල ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත් පැවසීය. කෙසේ වුවද මෙම විනාශය සම්බන්ධයෙන් සිදුවන නීතිමය ක්‍රියා දාමයදාමයට අගතියක් නොවන ආකාරයට ප්‍රශ්න කිරීමට පාර්ලිමේන්තුවට අයිතියක් ඇති බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
දැනට තක්සේරු කර ඇති මුදල ගණනය කර ඇත්තේ සුළු කොටසකට පමණක් බැවින් මෙය හරියට ප්‍රශ්න කිරීමේ අයිතියක් ඇති බවත් නිව් ඩයමන් සිදුවීමෙන් මෙන්ම එක්ස්ප්‍රස් පර්ල් සිදුවීමෙන් රජය තවම පාඩමක් ඉගෙන ගෙන නැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න