කොවිඩ් පුනරුත්ථාපනය සදහා යොදාගනු ලැබූ විද්‍යාපීඨ දහනවයක් පරිහරණයේදී සිදුකර ඇති අලාභය රුපියල් කෝටි 94ක් පමණ වන බව ඇස්තමේන්තු කර ඇතැයි අධ්‍යාපන ඇමති ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ පැවසීය. කොවිඩ් පුනරුත්ථාපන කටයුතුවලට මේ ස්ථාන භාවිතයේ දී භෞතික සම්පත් කඩාබිඳ දැමීමෙන් මේ අලාභය සිදුව ඇතැයි ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්න වලට ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. අලාභයට පත් මේ ස්ථාන ප්‍රතිසංස්කරණයට ලෝක බැංකුවේ මුදල් ඉල්ලා ඇති බවත් එහි මුල් අදියර ලෙස රුපියල් කෝටි 20ක අත්තිකාරම් මුදලක් ලැබුණු බවත් ඇමැතිවරයා පැවැසුවේය. විද්‍යාපීඨ සියල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු ලබන වසරේ ජූනි මාසය වන වනවිට අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න