නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදී උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදී පැවැත්වීමේ අරමුණ වන්නේ එම වසරේම ප්‍රතිඵල නිකුත් කර ඊළග වසර මුල සිට උසස් පෙළ විභාග අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමය. උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසය පවත්වා සිසුන්ට එම වසරේම විශ්වවිද්‍යාල වි ම විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාදීමට යෝජිතය.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගය සදහා පවතින විෂයයන් 9 , 7 දක්වා අඩු කෙරෙන අතර ඊට අමතරව ක්ෂේත්‍ර තුනක් යටතේ ඉදිරි ඉගැන්වීම් විෂයයන් ලෙස නව විෂය කිහිපයක් හදුන්වා දීමටද නියමිතය. වැඩිදුර අධ්‍යාපනය සදහා ගණිතය, වැඩිදුර අධ්‍යාපනය සඳහා සිංහල, ව්‍යවසායකත්වය හා ආර්ථිකය වැනි විෂයයන් යටතේ වෙයි. මෙම යෝජනාවන් හි අරමුණ වන්නේ සියලු සිසුන් උසස් පෙළට යොමු කිරීමය.

මෙම ප්‍රතිසංස්කරණ ඇතුළත් නව යෝජනාවලිය අගමැති ලේකම් අනුර දිසානායක දිසානායකගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් මගින් සකස් කරමින් තිබෙන අතර ඉක්මනින්ම එම යෝජනාවලිය ප්‍රසිද්ධියට පත් පත්කිරීමට නියමිතය.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගය එකොළොස්වැනි ශ්‍රේණියේ දී නොව දහවැනි ශ්‍රේණියේ දී පැවැත්වීමට ඇති හැකියාව සොයා බලන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත පසුගියදා ප්‍රකාශ කළ නමුත් වසර 13ක පාසල් අධ්‍යාපනය ලෝක පිළිගැනීම වන හෙයින් එය වසරකින් අඩු කිරීමේ යෝජනාවක් නව ප්‍රතිසංස්කරණ වල නැතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.

නිලන්ත මදුරාවල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *