මෙම වසරේ මේ දක්වා දිවයිනේ ම ඩෙංගු රෝගීන් 61,570ක් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එසේම එම කාලය තුළ ඩෙංගු මරණ 38ක් වාර්තා වී ඇතැයි ද එම ඒකකය සඳහන් කරයි.

ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත් එම සංඛ්‍යාව 30,097 බවත් එම ඒකකය කියයි.

මේ වන විට ඩෙංගු අධි අවදානම් කලාප 28 ක් හදුනාගෙන ඇතැයි ද එම ඒකකය පවසයි.

මෙම වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මැයි මාසයේ දී වන අතර එම සංඛ්‍යාව නවදහස් එකසිය අනූ හයකි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *