අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ගෙවීම සදහා රුපියල් කෝටි 500 ක මුදලක් මහා භාණ්ඩාගාරය විසින් බැංකුව වෙත යොමුකළ බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
එම මුදල ලබා දුන්නේ අභියාචනා හෝ විරෝධතා නොමැති දැනට තෝරාගෙන ඇති ලක්ෂ අටක් පමණ වන අස්වැසුම ප්‍රතිලාභීන් වෙත ගෙවීම සඳහා බව ද රාජ්‍ය ඇමතිවරයා පැවසුවේ ය.
මේ සමග සම්බන්ධ වී සිටින රාජ්‍ය බැංකු කැදවා ඔවුන් සමඟ කිසිදු බාධාවකින් තොරව මෙම නව වැඩපිළිවෙළ යටතේ ප්‍රතිලාභ ගෙවීම සදහා අවශ්‍ය කටයුතු ගැන ඊයේ (29) සාකච්ඡා කළ බව ද රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
මේ අතර අස්වැසුම ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදු කිරීම සදහා අද (30) පෝය දිනයක් වුවත් ලංකා බැංකුව සහ මහජන බැංකුව විවෘතව තිබෙන බවද රජය කියයි.
අසම ප්‍රතිලාභ ගෙවීම සඳහා බැංකුවලට ලබාදුන් රුපියල් කෝටි 500න් රුපියල් කෝටි 439.5ක් ඊයෙ (29) බැංකු විසින් අස්වැසුම ප්‍රතිලාභීන් 689,803කගේ බැංකු ගිණුම් වලට තැන්පත් කර ඇත. හදුනාගත් අස්වැසුම ප්‍රතිලාභීන් මිලියන දෙක අතරින් ප්‍රතිලාභීන් මිලියන 1.5 කට අදියර වශයෙන් ගෙවීම් ආරම්භ කළ බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
මේ අනුව ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සදහා දීමනා දැනටමත් ගෙවා ඇති බවද මුදල් රාජ්‍ය ඇමතිවරයා තවදුරටත් පවසයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත