එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළව අතුරු වන්දිය ලබාගැනීමට ශ්‍රී ලංකා රජය සිය එකගතාවය පළකර තිබේ.
ඒ සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම් දීම් නෞකාවේ රක්ෂණ සමාගමට සහ නීතීඥ සමාගමට ලිඛිතව යොමු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඉදිරපත් කර අතුරු වන්දි වාර්තාවට අනුව මෙම අතුරු වන්දිය ලබා ගැනීමට නියමිතය.
අතුරු වන්දි ලෙස ඩොලර් ලක්ෂ 890 ක් සහ රුපියල් මිලියන 16 ක් සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ඉල්ලා ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.
එම අතුරු වන්දි ගෙවීමට නෞකා සමාගමේ රක්ෂණ සමාගම සහ නීතිඥ සමාගම මීට පෙර සිය කැමැත්ත පළ කර තිබිණි.
පසුගියදා සිංගප්පූරුවේ පැවැති සාකච්ඡාවලදී ගත් තීරණයට අදාළව දෙපාර්ශවය මෙම එකඟතාවයට යොමු විය.
සමන් ගමගේ