රුපියල් කෝටි 29.1ක් පමණ වටිනා ග්‍රෑම් 2311.75ක බරින් යුතු මැණික් තොගයක් සමග ශ්‍රී ලාංකික කාන්තාවක ශ්‍රී ලංකා රේගුවේ රේගුවේ බාරයට ගෙන තිබේ.

ඊයෙ (30) උදෑසන 3.15ට අංක AI 217 දරණ ගුවන් යානයෙන් චෙන්නායි බලා පිටත්වීමට පැමිණිය ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි ශ්‍රී ලාංකික ව්‍යාපාරික කාන්තාවක් ග්‍රෑම් 2311.75 ක බරින් යුතු මැණික් තොගයක් ඇදුම් තුල රදවා ගෙන වංචනික ලෙස රටින් පිටකිරීමට උත්සහ කිරීමේදී ගුවන් තොටුපළ ආරක්ෂක අංශය මගින් අත්අඩංගුවට ගෙන රේගුවට ඉදිරිපත් කර තිබේ. මෙම මැණික් තොගයේ වටිනාකම රුපියල් කෝටි 29.1 ක් ලෙස රේගුව තක්සේරු කොට ඇත. සැකකාර කාන්තාව රේගුවේ රේගුවෙන් රඳවා ගෙන ප්‍රශ්න කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි ආරුක්ගොඩ මහතා දිනයට කියා සිටී අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බවද කියා සිටියේය.

මෙම මැණික් ජාවාරම පිටුපස සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව කී ඒ මහතා විමර්ශන සඳහා සැකකාර කාන්තාව සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බව ද කියැවේ.

සුභාෂිණී සේනානායක, කටුනායක ටි.කේ.ජී කපිල, කටාන බර්ටි වීරසිංහ, ජන සමූහ ප්‍රසංග පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *