ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට එක් වීම සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඊයේ දවල් කටුනායක ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඉන්දියාවේ බැංගලෝර් සිට ස්පයිස් ජෙට් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායකට පැමිණි ඔවුන් වෙනුවෙන් දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ගුවන්තොටුපොළ තුළ සහ ඉන් පිටත ක්‍රියාත්මක කර තිබිණි.

ඔවුන් ඊයේම මහනුවර බලා පිටත්ව ගිය අතර ඉන්දීය කණ්ඩායමේ පළමු තරගය සෙනසුරාදා (2) පකිස්තානයට එරෙහිව පැවැත්වේ.

පාකිස්ථානය සහ නේපාල කණ්ඩායම් අද මෙරටට පැමිණීමට නියමිත ය.

කටුනායක ටී.කේ.ජී. කපිල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *