දිවයින ආශ්‍රිත මුහුදු වෙරළ තීරයේ දී මියගොස් සිටිය දී හමුවන කැස්බෑවන් සහ මසුන් මිය යන්නට ඇත්තේ ධීවරයන් විසින් මුහුදේ පුපුරන ද්‍රව්‍ය යොදා සිදුකරන ලද පිපිරීමක් හේතුවෙන් ද කියා වනජීවී දෙපාර්තමේන්තුව සැකකරයි.

මිය ගොස් සිටියදී හමුවූ කැස්බෑවන්ගේ මතුපිට කටුව දැඩි ලෙස පිපිරීමට ලක්ව තිබීම නිසා මෙම සැකය මතුවී ඇත. මේ වන විට ජල මුහුදු තීරයේ සිට පානදුර මුහුදු තීරයේ ඇතුළත මිය ගිය කැස්බෑවුන් විසිපස් දෙනෙකු තල්මසුන් පැටවකු මෙන් ම මසුන් කිහිප දෙනෙකුගේ සිරුරු හමු වී තිබේ.

මොලයට සිදුවූ බරපතළ හානි හේතුවෙන් කැස්බැවන් මියගොස් ඇති බවත් එම කැස්බෑවන් වැඩි පිරිසක් බටු කැස්බෑවන් බවත් හෙළි වී තිබේ. කොල කැස්බෑවන් දෙදෙනෙකු ඒ අතර සිටින බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

කැස්බෑවන් මියයාම ධීවරයන් විසින් සිදුකරන ලද පිපිරීමක් හේතුවෙන් සිදු වී ඇති ද යන්න සෙවීමට විමර්ශනයක් ආරම්භ කර එහි වාර්තාව කඩිනමින් නිකුත් කිරීමට එම දෙපාර්තමේන්තුව අදහස් කර ඇත. ආයතන හතරක් මේ සම්බන්ධ විමර්ශන සඳහා එක්කර ගෙන සිටී.

චමින්ද සිල්වා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *