වෙඩි වැදීම හේතුවෙන් ඇවිදීමේ අපහසුතා වෙන් පෙළෙන අග්බෝ ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා විදේශීය වෛද්‍ය කණ්ඩායමක සහයෝගය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර පැවසුවේය.

ඇතාට ප්‍රතිකාර කරනු ලබන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත විදේශීය පශූ වෛද්‍යවරුන් කණ්ඩායමක් මෙරට ගෙන්වාගැනීම සදහා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා අනුමැතිය ලබා දී ඇත.

අග්බෝ ඇතා මේ වන විට ක්‍රමයෙන් සුව අතට හැරෙමින් සිටින බවද වනජීවී අධ්‍යක්ෂ ජනරාල් වරයා සදහන් කළේය.

අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයෙන් නිතර සැරිසැරූ අග්බෝ නමැති දළ ඇතාගේ ඉදිරි පාදයකට බදින තුවක්කුවකින් වෙඩි වැදී තිබූ අතර, මාස කිහිපයක සිට වනජීවී නිලධාරීන් විසින් අඛණ්ඩව ඇතාට ප්‍රතිකාර කටයුතු කරමින් පවතී.

සාලිය කුමාර ගුණසේකර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *