වෙරළබඩ දුම්රිය මාර්ගයේ කොරලවැල්ල දුම්රිය ස්ථානයේදී ඊයේ (31)පස්වරුවේ දුම්රිය එන්ජිමක් ගිනිගෙන සිදුවීමට ගිය විනාශයක් එහි නියාමකවරයා ක්ෂණිකව ක්‍රියාත්මක ව නිවා දැමීමෙන් වළක්වා ගැනීමට හැකි වී තිබේ.
කළුතර සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය කොරලවැල්ල දුම්රිය ස්ථානයේදී පස්වරු 1. 25 ට පමණ ගිනි ගැනීමට ලක්ව ඇති අතර, ඒ සමගම ක්‍රියාත්මක වූ නියාමකවරයා ගිනි නිවන උපකරණ භාවිතා කරමින් ගින්න නිවා දැමීමට පියවර ගෙන ඇත.
දුම්රිය එන්ජිමේ මෝටරයක ගින්න හටගෙන ඇති, ගින්න නිවා දැමුවද එන්ජිම පණ ගැන්වීමට නොහැකි වූ බව මේ සම්බන්ධයෙන් දිනමිණ සිදුකළ විමසීමකදී දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොළගේ මහතා පැවසීය.
සුභාෂිණී සේනානායක