දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය හේතුවෙන් මේ දින කිහිපය අස්වනු නෙලීමෙන් වළකින ලෙස දකුණු පළාතේ ගොවියන්ගෙන් ඉල්ලා සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුලත් අතුල කරුණානායක ඊයේ පැවසීය.
අද (1) ,හෙට(2) හා අනිද්දා(3) තවදුරටත් වැසි වැඩි වීමේ හැකියාවක් පවතින බැවින් එම දිනවල අස්වනු නෙලීමෙන් වගාවන්ට හානියක් වීමේ අවදානමක් පවතින බැවින් මෙම ඉල්ලීම කරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
බස්නාහිර, සබරගමුව,දකුණ,මධ්‍යම සහ වයඹ වයබ පලාත් කාල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (1) ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක වැඩිදුරටත් සදහන් කළේය.
චන්දන ලක්මාල්