ෂී යාන් 6 විද්‍යාත්මක පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාවේ නැංගුරම් ලෑම සඳහා චීනය ශ්‍රී ලංකාවෙන් නිල වශයෙන් අවසරය ඉල්ලා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. මෙම නෞකාව ශ්‍රී ලංකාවේ නැංගුරම් ලෑම සදහා අවසර ඉල්ලා ඇතත් නැංගුරම් ලෑම සදහා තවමත් දිනයක් තීරණය කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි. එසේම චීනයෙන් ලැබී ඇති මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සදහා එය අදාළ පාර්ශ්ව වෙත යොමු කර ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි. ෂී යාන් 6 විද්‍යාත්මක පර්යේෂණ නෞකාව ලෙස හදුන්වන අතර එම නෞකාව හය දෙනකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ. ශ්‍රී ලංකාවේ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනය හෙවත් නාරා ආයතනයේ විද්‍යාඥයන් ෂී යාන් 6 විද්‍යාත්මක පර්යේෂණ නෞකාවේ කාර්ය කාර්ය මණ්ඩලය සමඟ එකතු වී පර්යේෂණ සිදුකිරීමට නියමිතය.
මැද කොළඹ සමූහ