මේ වසරේ ජූලි මාසයේ 6.3% ක්ව පැවති කොළඹ නාගරික ප්‍රජාව ගේ පාරිභෝගික උද්ධමනය අගෝස්තු මාසයේදී 4.0 % දක්වා අඩු ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේය.

මේ සදහා අගෝස්තු මාසයේ ආහාර කාණ්ඩ වාර්ෂික උද්ධමනය වන සියයට ඍණ 4.8 දක්වා පහත වැටී ඇත. එය ජූලි මාසය වාර්තා වූයේ ඍණ 1.4% ලෙසය. අගෝස්තු මාසයේ භාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට 8.7 දක්වා පහත වැටී ඇත. එය පෙර මාසයේ පැවතියේ 10.5% ලෙස බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් පී. එන්. පී. අනුර කුමාර මහතා ප්‍රකාශ කළේය.

ජයසිරි මුණසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *