ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු සියයට 4 කින් ඉහළ දැමූ බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.

රුපියල් 30 ක අවම බස් ගාස්තුව වෙනස් නොවන බව ද එම කොමිසම සඳහන් කරයි.

බස් ගාස්තු මිල සූත්‍රයට අනුව අවම ගාස්තුව රුපියලකින් ඉහළ දැමිය යුතු වුවද එය ඉහළ නොදැමීමට බස් නියෝජිතයන් ද එකකු වූ බව පවසන කොමිසම සෙසු බස් ගාස්තු ද ඉතා සුළු වශයෙන් ඉහළ යන බවද සදහන් කරයි.

මෙම බස් ගාස්තු ඉහළ දැමීම පිළිබඳව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් කළ විමසුමකදී පැවසූයේ බස්ගාස්තු ඉතාම සුළු වශයෙන් ඉහළ දැමූ බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිර්ණායක වලට යටත්ව මීට වඩා ගාස්තු ඉහළ දැමීමක් නොලැබෙන බවත්ය.

යොහාන් භාසුර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *