දේශීය ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 1,100 ක හිග බිල්පත් ගෙවීමට ඇති හෙයින් ඔවුන් ඖෂධ තවදුරටත් සැපයීමට අදි මදි කරන තත්ත්වයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍යඅමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසූයේ එම හිග බිල්පත් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් දැනටමත් මුදල් ඉල්ලා ඇති බවයි.
එම මුදල් අදියරෙන් අදියර අදියරයන් අදියරය මුදාහැරීමට මහා භාණ්ඩාගාරයට එකඟ වූ බවද ඔහු සදහන් කළේය.
ඊට අමතරව තවත් කෝටි තුන්සියයක් වෙනත් ආනයනය කරුවන්ට ගෙවීමට ඇති බවද රත්නායක මහතා පැවසුවේය.
රට පුරා අත්‍යවශ්‍ය ඖෂධ 161 ක පමණ හිටියා පවතින බවත් එම ඖෂධ දැනටමත් ඇනවුම් කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙම ඖෂධ ඉදිරි සති කිහිපයේදී ලැබීමට නියමිතය.
සජිත් හේවාජූලිගේ