සපුගස්කන්ද තෙල් පිරිපහදුව නඩත්තු කටයුත්තක් සදහා ලබන 18 වැනිදා සිට ඔක්තෝබර් මස 8 වැනිදා දක්වා වසා දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා ඊයේ පැවසීය.

එම කාලය තුළ හිඟයකින් තොරව ඉන්දන සැපයුම පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන තොග සහ ඉන්ධන ඇණවුම් මේ වන විටත් සම්පූර්ණ කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු මේ බව සදහන් කළේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය.

මේ අතර එම මාමෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසූයේ සමනලවැව ජලාශයේ ජල කාන්දුවෙන් වසරකට කෝටි දෙසීයක පමණ පාඩුවක් වන බවත් එම මෙම ජලාශයේ ජල කාන්දු වන ස්ථාන හතක් වසා දැමීම මේ වන විට ආරම්භ කර ඇති බවත් ය.

වලව කලාපය කොමි තැනට සමනලවැව ජලාශයෙන් ජලය ඝන මීටරයට මිලියන 50 ක් පමණ නිකුත් කරන බවත් ප්‍රතිසංස්කරණය ආරම්භ කර ඇති කාන්දුවීම් හතක් පමණක් වසරකට ජලය ඝන මීටර මිලියන විස්සක් පමණ අපතේ යන බවත් අමාත්‍යවරයා කීය.

එම අපතේ යන ජලය ඝන මීටර මිලියන 20 ක ප්‍රමාණය ඉතිර කර ගතක ප්‍රමාණය ඉතිර කර ගතහොත් විදුලිබල මණ්ඩලයට වසරකට රුපියල් කෝටි දෙසීයක පමණ මුදලක් ඉතිරි කරගත හැකි බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

යොහාන් භාසුර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *