ලොව ප්‍රථම වථාවට පතාවට පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ගතවන කාලය සියයට 75 කින් අඩු කළ හැකි එන්නත් එංගලන්ත ජාතික සෞඛ්‍ය සේවය හදුන්වා දී ඇත.

මෙම නව එන්නත මගින් ඇටැසොලිසුමැබි ප්‍රතිශක්තිකරණ ඖෂධය සමට එන්නත් කිරීම සිදුවන බවත් මෙතෙක් සිදු වුයේ ඇටැසොලිසුමැබි ඖෂධය රෝහල්වලදී විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් මගින් රෝගීන් ගේ නහරට එන්නත් කිරීම බවත් එංගලන්ත සෞඛ්‍ය නිලධාරීහු ප්‍රකාශ කරති.

නව එන්නත මගින් රෝගියාට ප්‍රතිකාර කිරීම සඳහා ගතවන්නේ විනාඩි හතක් වැනි කෙටි කාලයක් බව එන්ගලන්ත සෞඛ්‍ය නිලධාරීහු පෙන්වා දෙති.

රෝගියාගේ නහරට ඇටැසොලිසුමැබි ඖෂධය ලබාදීම සඳහා විනාඩි තිහකට ආසන්න කාලයක් ගත වන බවත් ඇතැම් විශේෂිත රෝගීන්ට ඒ සඳහා පැයකට ආසන්න කාලයක් ගත වන බවත් එංගලන්ත සෞඛ්‍ය නිලධාරීහු පවසති. එංගලන්තයේ ඖෂධ සහ සෞඛ්‍ය ආරක්ෂණ නිෂ්පාදන නියාමන ඒජන්සිය එංගලන්තය තුළ මෙම එන්නත භාවිතා කිරීම සඳහා අවසරය ලබා දී ඇත.

ප්‍රතිකාර කිරීම සඳහා ගතවන කාලය සියයට 75 කින් අඩු වීම පිළිකා වැනි රෝගයකින් පීඩා විඳින රෝගීන් ට සතුටුදායක පුවතක් බවත් රෝගීන්ට පමණක් නොව එය වෛද්‍යවරුන්ටද සුභාරංචියක් බවත් එන්ගලන්ත සෞඛ්‍ය නිලධාරීහු වැඩිදුරටත් පෙන්වා දෙති.

විමුක්ති එස්. රුද්‍රිගු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *