ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ 2023 ලොව ‘ඒ ‘ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් විසිඑක් දෙනා අතරට නම් කර තිබේ.
නිව්යෝර්ක් මූලික කරගත් ‘ ග්ලොබල් ෆිනෑන්ස්’ සගරාව විසින් කරන ලද වාර්ෂික සමීක්ෂණයට අනුව මෙම ශ්‍රේණිගත කිරීම කර ඇත.
මෙවර ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඒ ශ්‍රේණියේ පළමු ස්ථානය හිමි වී ඇති ඉන්දීය මහ බැංකු අධිපති ශ්‍රීකාන්ත දාස් වන අතර උද්ධමනය පාලනය, ආර්ථික වර්ධනය, මූල්‍ය ස්ථාවරත්වය හා පොලී අනුපාත කළමනාකරණය යනාදී සුවිශේෂී කාර්ය සාධනය සැලකිල්ලට ගනිමින් මහ බැංකු අධිපතිවරුන් සම්බන්ධයෙන් ග්ලොබල් ෆිනෑන්ස්’ සගරාව 1994 වසරේ සිට වාර්ෂිකව මෙම ශ්‍රේණිගත කිරීම කරනු ලබයි.
අමිල අබේරත්න