පසුගිය වසරට සාපේක්ෂව 2023 මුල් කාර්තුව තුළ සේවා අපනයන ආදායම් ඉහළ ගොස් ඇති බව අපනයන සංවර්ධන මණ්ඩල සැලසුම් අංශ වාර්තා පෙන්වා දී ඇත.

2023 මුල් කාර්තුව තුළ සේවා අපනයන වටිනාකම ඩොලර් බිලියන 1.2 ක් වූ බව අපනයන සංවර්ධන මණ්ඩලයේ උපායමාර්ගික සැලසුම් අංශ ප්‍රදානී පෙන්වා දෙයි.

පසුගිය වසරට සාපේක්ෂව සේවා අපනයනයේ සියයට 17ක පමණ වැඩි වීමක් බවත් එම වාර්තා තහවුරු කර ඇත.

පොල් ආශිත නිශ්පාදන තුළ කැපී පෙනෙන වර්ධනයක් සිදු වී ඇති බවත් කුළුබඩු, මැණික්, තේ සහ අත්‍යවශ්‍ය තෙල් වර්ග අපනයනයේ දී ද ශක්තිමත් වීමක් පෙන්නුම් කරන බවත් එම මණ්ඩලය වාර්තා පෙන්වා දෙයි.

එහෙත් ඇගළුම් කර්මාන්තය තුළ පහත වැටීමක් සිදු වී ඇති අතර ගෝලීය ආර්ථික අර්බුදය සහ යුදමය තත්ත්වය මේ සදහා හේතු වී ඇතැයි එක්සත් ඇගලුම් සංසදය සභාපතිවරයා සඳහන් කර තිබේ.

මෙම වසරේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම අපනයන වෙළදපොල ඇමරිකා එක්සත් ජනපදය වන අතර ඉන්දියාව, එක්සත් අරාබි එමීර්, සහ යුරෝපා සංගමය වෙත සිදුකරන ඇතැම් අපනයන තුළ පහත වැටීමක් සිදු වී ඇතැයි ද එම වාර්තා පෙන්වා දී ඇත.

සචිත්‍රා පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *