ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර හා සෞඛ්‍ය පරිපාලන මණ්ඩලයේ නිලධාරීහු පිරිසක් පසුගියදා කටුනායක අපනයන සැලසුම් කලාපය තුළ පිහිටා ඇති අති නවීන ජීවන ජීවානුහරණය කරන ලද නික්ෂේපණ ද්‍රාවණ එන්නත් (ඖෂධ) නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වන Yaden Laboratories හි නිරීක්ෂණ සංචාරයක නිරත වූහ. ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමන ක්‍රමවේදය සහ තත්ත්ව පාලනය ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම වෙනුවෙන් NMAR විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනට සමගාමීව මෙම සංචාරය සංවිධානය කෙරිණි.

USFDA නිලධාරීන් Yaden Laboratories කර්මාන්තශාලාවේ ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලිය සහ එහි ප්‍රමිතිය ඇගයීමට ලක්කරන අ කරන අතර දේශීය ඖෂධ නිෂ්පාදකයන් මුහුණදෙන වත්මන් අභියෝග පිළිබඳව මෙන්ම සැපයුම් දාමය වැඩිදියුණු කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙම සංචාරය අතරතුර දී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *