මහනුවර ඇසළ පෙරහර පැවති දින දහයේ දී මහනුවර නගරයේ කසල ටොන් 250ක් පමණ එකතු වූ බව මහනුවර මහ නගර සභාවේ කසළ කළමනාකරණ ඒකකයේ ප්‍රධානී ඉංජිනේරු නාමල් දිසානායක මහතා පවසයි.

මේ අතර ප්ලාස්ටික් බෝතල්, පොලිතීන් ඇතුළු ඝන අපද්‍රව්‍ය ටොන් 50ක් පමණ තිබෙන බවද ඒ මහතා කීය.

පෙරහර නැරඹීමට පැමිණි ජනතාව අප්‍රමාණ ලෙස පරිසරයට බැහැර කර තිබූ කසල ටොන් දහයක් පමණ අලි ඇතුන් ගාල් කර සිටි ස්ථානවලින් අලි බෙටි සහ කිතුල් කොට ඇතුළු අප ටොන් 15ක් පමණ ද දෛනිකව එකතු වූයේ යැයි හෙතෙම ප්‍රකාශ කළේය. පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාව අතරින් බහුතරයක් ප්ලාස්ටික් බෝතල් පොලිතින් මෙන්ම ඉතිරි වන ආහාර තමන් වාඩි වී සිටි තැනම දමා යන බවත් මේවා අලුයමට පෙර ඉවත් කිරීම සඳහා නගර සභාවේ සේවකයින්ට විශාල වෙහෙසක් දැරීමට සිදු වූ බවත් දිසානායක මහතා පැවසුවේය.

පෙරහර නැරඹීමට පැමිණෙන විට රැගෙන එන ප්ලාස්ටික් බෝතල් පොලිතින් සෙල්ලම් භාණ්ඩ කෑම පෙට්ටි ටෝන් පහකට ආසන්න ප්‍රමාණයක්ද ඉවත ලන අපද්‍රව්‍ය ටොන් 5ක් පමණ ද දෛනිකව එකතු වූ බව කසළ කළමනාකරණය ඒකකයේ ප්‍රධාන ඉංජිනේරුවා කීවේය.

අසේල කුරුළුවංශ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *