පිරිසිදු මුදල් නෝට්ටු භාවිතය තහවුරු කිරීම සඳහා ඉකුත් වසරේ දී (2022) රුපියල් බිලියන 207.3 ක් වටිනා පලුදු වූ මුදල් නෝට්ටු මිලියන 238.5 ක් විනාශ කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. රටේ මුදල් සංසරණ තුළ ගුණාත්මක තත්ත්වයේ ව්‍යවහාර මුදල් නෝට්ටු පැවතිම තහවුරු කිරීම මහ බැංකුවේ අරමුණයි.
ඒ අනුව ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව විසින් මෙසේ සේවා අනිසි ව්‍යවහාර මුදල් නෝට්ටු විනාශ කළ බව එම දෙපාර්තමේන්තුවේ අධිකාරී පී .ඩී. . ආර් දයානන්ද මහතා පැවසීය. වසර 2018 දී පලුදු මුදල් නෝට්ටු මිලියන 343.8ක් විනාශ කරන ලදී. එහි වටිනාකම රුපියල් බිලියන 252.2කී. 2019 දී විනාශ කළ මුදල් නෝට්ටු ප්‍රමාණය මිලියන 235 කි. එහි වටිනාකම රුපියල් බිලියන 139.8කි. වසර 2020 දී රුපියල් බිලියන 62.2ක් වටිනා මුදල් නෝට්ටු මිලියන 127.3ක් විනාශ කළ අතර, 2021 දී රුපියල් බිලියන 44.3ක් වටිනා මුදල් නෝට්ටු මිලියන 108.2ක් විනාශ කර ඇත.
ජයසිරි මුණසිංහ