ආණ්ඩුව නොයෙකුත් ව්‍යාජ හේතු සාධක යොදා ගනිමින් පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ කල් දැමුවත් ජනාධිපතිවරණය කල් දැමිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසූයේ ඊයේ නිදහස් ජනතා සභාව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දැක්වු මන්ත්‍රිවරයා මෙසේද කීවේය.

” අනිවාර්යයෙන්ම ලබන වසරේ ජනාධිපතිවරණය රජයට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පැවැත්වීමට සිදු වෙනවා. ලබන වසරේ නොවැම්බර් මාසේ අභිනව ජනාධිපතිවරයා දිවුරුම් දීම සිදු විය යුතුයි. විශ්වාසභංග යෝජනාවේ ඉරණම තීරණය කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි. ජනතාව මල් ශාලාවට යනවාද? යන්න තීරණය වෙන්නේ ඔවුන් ප්‍රකාශ කරන මනාපය අනුව යි.

ජනතාවගේ සමස්ත ආදායමින් සියයට දහයක් යොදාගන්නේ සෞඛ්‍ය වියදම් වලට නම් එම රට සෞඛ්‍ය අර්බුදයෙන් පෙළෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හෙළිකර තිබෙනවා.

එහෙත් මෙරට පුද්ගලයන් සමස්ත ආදායමෙන් සියයට 50 කට වැඩි ප්‍රමාණයක් සෞඛ්‍ය සදහා වියදම කරනවා”

නුවන් කොඩිකාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *