යුද ගැටුම් හේතුවෙන් දශක තුනක් නැවතී තිබූ ඛනිජ වැලි සෘජු අපනයන කටයුතු යළි ආරම්භ කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ත්‍රිකුණාමලය වරායෙන් ටොන් 30,000ක ‘සර්කෝන්’ නමැති පළමු ඛණිජවැලි තොගය රැගත් නෞකාව පෙරේදා රාත්‍රී චීනය බලා පිටත් විය. සෘජුව අපනයන කටයුතු නැවතීමෙන් පසු දශක තුනක් ඛනිජවැලි අපනයන කටයුතු සිදු වී ඇත්තේ තවත් මැදිහත් පාර්ශවයකට මේ ඛණිජවැලි දීමෙන් බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වැඩබලන නේවාසික කළමනාකරු නියෝජ්‍ය හාබර් මාස්ටර් කපිතාන් ශ්‍රියන්ත අරුම්පත් මහතා පැවසීය.

මැදිහත් පාර්ශවයක් නොමැතිව සෘජු අපනයන කටයුතු ආරම්භ කිරීමෙන් එහි ප්‍රතිලාභය පුල්මුඩේ පිහිටි ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමට ලැබෙන බවත්, මෙහෙයුම් කටයුතු වලින් විශාල ආදායමක් වරාය අධිකාරියට ලැබුණ බවත්, ඉදිරි දිනවල තවත් නවකතා දෙකක් යොදා ගනිමින් ඉල්මනයිට් ටොන් 60,000 චීනයට යැවීමට නියමිත බවත්, එයින් විශාල ආදායමක් මෙරටට ලැබෙන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *