අන්තර්ජාලය හරහා සිදු කරන වැරදි වලට දඩුවම් පැමිණවීමේ නව නීතිය ඇතුලත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත් කෙටුම්පත සදහා නීතිපතිවරයාගේ නිෂ්කාෂණය ලැබී ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අසභ්‍ය තොරතුරු ප්‍රචාරය හා ද්වේශසහගත හැසිරීම් මගින් සිදුවන හානි වලින් පොදු සමාජය ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් මෙම පනත් කෙටුම්පත සකස් කර තිබෙන බවද ඇමැතිවරයා කීය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ සිද්ධි පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සංනිවේදනය කිරීම, අපහාසයට හේතුවන අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම, අසත්‍ය ප්‍රකාශයක් මගින් කැරලි ගැසීමට ප්‍රකෝප කිරීම, ආගමික රැස්වීම් වලට බාධා කිරීම, ආගමික හැගීම් වලට රිදවීමේ ඒකායන චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශ කිරීම, ආගමික හැගීම් නිග්‍රහයට පාත්‍ර කිරීම, වංචා කිරීම, අනෙකෙකු ලෙස පෙනී සිට වංචා කිරීම, සාමය කඩ කිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන් නින්දා කිරීම, කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් කිරීමට පෙළඹවීම, හිරිහැර සිදු කිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සංනිවේදනය කිරීම, ළමා අපයෝජනය, වරදක් සිදු කිරීම සඳහා අර ඇදීම, එම පනතට අනුව වරදක් වේ.

රන්ජන් කස්තුරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *