පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව සකස් කර ඇති වාර්තාමය වැඩ සටහන පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීමට තීරණය කර ඇතැයි කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේය. ඇමතිවරයා මේ බව සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාළිකාවෙන් ඉදිරිපත් කළ තොරතුරු පිළිබඳ විශේෂ පරීක්ෂණයක් සිදුකළ යුතු බවට පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්‍ට අප්පුහාමි කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද පැවසීය. අපි රජයක් විදිහට වගකීමෙන් කටයුතු කරනවා. ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් වන විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීම පිළිබඳව ඉදිරියේදී දැනුවත් කිරීමක් සිදු කරාවි. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ රැස්වෙන කාලයට මේ වගේ වීඩියෝ චැනල් ෆෝ නාලිකාවෙන් නිරන්තරයෙන්ම එනවා. මේ වීඩියෝවේ තිබෙන කරුණු පිළිබඳව අපි නිරන්තරයෙන්ම අධ්‍යයනය කරන්න ඕනේ. මේ ගැන සොයා බැලීම ගැන අපේ කිසිදු ප්‍රශ්නයක් නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *