කොළඹ ජාතික රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ ඉදිරි සති දෙක තුළ නතර කර දැමීමට සිදුවනු ඇතැයි පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය රජයට අනතුරු අගවයි.

පෙට් ස්කෑන් පරීක්ෂණ සදහා විශේෂ පුහුණුව ලබා ඇති නිලධාරීන් විශ්‍රාම ගැනීම සහ අනෙකුත් නිලධාරීන් රට හැර යාම හේතුවෙන් එම තත්ත්වය උද්ගතව ඇතැයි පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සම කැඳවුම්කරු චානක දර්මවික්‍රම මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේය.

පරිපූරක වෛද්‍ය සේවා නිලධාරීන් දහසකට අධික පිරිසක් විදේශ ගතව ඇති බවත් නිලධාරීන් තුන් දහසකට අධික හිගයක් පැවතියත් එය සම්පුර්ණ කිරීමට නිලධාරීන් කටයුතු නොකිරීමෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත් ඒ මහතා පැවසීය.

පෙට් ස්කෑන් පරීක්ෂණ සිදු කරන නිලධාරීන්ට සේවා දිගුවක් ලබා දීමට හෝ නව නිලධාරීන් බඳවා ගැනීමට පියවර නොගැනීමෙන් මෙම තත්ත්වය දිනෙන් දින උග්‍ර වන බවද චානක ධර්මවික්‍රම මහතා වැඩිදුරටත් පැවසීය.

සුජීව තත්සර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *