ශ්‍රී ලංකා තායිලන්ත තානාදිපති කාර්යාලයේ ඇරයුමක් මත තායිලන්තයේ වෙසෙන මුතු රාජා ඇතාගේ ප්‍රතිකාර කටයුතු සදහා සහය වීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ව සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන රාජපක්ෂ, පශුවෛද්‍ය මදූශා පෙරෙරා සහ ජේෂ්ඨ සත්ව ආරක්ෂක නදුන් ඇතුලත්මුදලි යන මහත්ම මහත්මීන් සහ තායිලන්ත තානාධිපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් 14 වෙනිදා රාත්‍රී 11 ට කටුනායක ගුවන් තොටුපළෙන් තායිලන්තය බලා පිටත්ව ගියහ.

මෙහිදී අදහස් දැක්වූ පශුවෛද්‍ය මධූෂා පෙරේරා මහත්මිය මුතු රාජා හස්තියාට සත්ව උද්‍යානයේ දී වසර නවයක් ප්‍රතිකාර කළ පශු වෛද්‍යවරිය ලෙස මෙම සුවිශේෂී අවස්ථාව තමන්ට ලැබීම ගැන විශාල සතුටක් ලැබෙනවා යැයි කීවාය.

මීගමුව විමල් කීර්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *