දිගින් දිගටම කොළඹට වර්ෂාව පතිත වීම හේතුවෙන් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන සුපිරි හතර වටේ තරග සියල්ල හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ පැවැත්වීමට පෙරේදා ගත් තීරණය ඊයේ යළි වෙනස් කරමින් කලින් සැලසුම් කළ පරිදි ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ම සුපිරි හතර වටේ තව පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කරයි.

කාලගුණ අනාවැකිය අනුව ඉදිරි කාලයේ දී කොළඹ ප්‍රදේශයට වර්ෂාව පතිත වීම ක්‍රමයෙන් අඩුවන ඇතැයි යන ප්‍රබල විශ්වාසය හා ආසියානු කුසලාන සුපිරි හතර වටේට එක්වන කණ්ඩායම් වලට හා අනෙකුත් කාර්ය මණ්ඩලයේ 350කට පමණ ක්‍රීඩාංගනය අවට හෝටල් පහසුකම් එකවර ලබා ගැනීමට ඇති අපහසුතා සැලකිල්ලට ගෙන පැවති කාලසටහන අනුවම තරග කොළඹ දී පැවැත්වීමට තීරණය කර තිබේ. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් අතර ඊයේ යළිත් වරක් පැවති සාකච්ඡාවක දී මේ තීරණයට එළඹ තිබේ.

ඒ අනුව ලබන 9වෙනිදා සිට සුපිරි හතර වටේ තරග පහක් හා අවසන් මහා තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය. එහිදී ඉන්දියාව හා පකිස්ථානය මේ දහවෙනිදා යළිත් වතාවක් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී හමුවේ. ඉන්දියාව හා පකිස්ථානය අතර මූලික වටේ පැවති තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට වාර්ෂාව බාධා ගෙන දීමෙන් එය තීරණයකින් තොරව නිමාවට පත්විය. එම තරගය නැරඹීමට ඉන්දියාවෙන් හා පාකිස්තානය විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටි අතර ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වී යෑමෙන් වර්ෂා කාලයේ තරග සංවිධානය පිළිබඳ විවේචන එල්ල විය.

කොළඹ වර්ෂාව අඩු වෙමින් පැවතීම හා ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට ජලාපවාහන ප්‍රශ්න ක්‍රමයෙන් විසිරී යාම හේතුවෙන් ස්ථාන වෙනස් කළ යුතු නැතැයි අවසන් තීරණය වී තිබේ. මුදල් ගෙවා ප්‍රවේශ ප්‍රවේශ පත්‍ර මිලදීගෙන තරග නැරඹීමට සූදානමින් සිටින ප්‍රේක්ෂකයන්ට බාධාවකින් තොරව හොඳ තරගාවලියක් දැකබලා ගැනීමට අවස්ථාව සැලසීම ආසියානු ක්‍රිකට් කවුන්සිලය අපේක්ෂාව වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *