ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් නැගෙනහිර ආසියාවේ ඛණිජතෙල් වෙළදාම ආරම්භ කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඉන්ධන මෙරටට ගෙන්වා ගබඩා කොට ඒවා නැගෙනහිර ආසියානු කලාපයේ රටවල අලෙවි කිරීමට නියමිතය.

එක්සත් අරාබි එමිර් රාජ්‍යය ශ්‍රී ලංකා තානාපති කාල්ඩ් නසීර් අයිආමරි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සමඟ ජනාධිපති කාර්යාලයේ පැවැත්වූ සාකච්ඡාවකදී මේ බව දැනුම් දී තිබේ. නැගෙනහිර ආසියාවේ ඉන්ධන අපනයන කටයුතු ලංකාව කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැලසුම පැහැදිලි කර ඇති තානාපතිවරයා තවත් ආයෝජන කීපයක් පිළිබඳව ද දැනුම් දී ඇත.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් සහ කෘෂිකර්මාන්තයට නවීන තාක්ෂණය හඳුන්වා දීමේ ව්‍යාපෘතියක් මේරට දී ආරම්භ කිරීමටත් ශ්‍රී ලංකාවට එන එමිරේට්ස් ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමටත් සංචාරක ව්‍යාපාරය හා හෝටල් කර්මාන්තය තුළ ආයෝජන සිදු කරන ආකාරය පිළිබඳවත්, තානාපතිවරයා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා සමඟ සාකච්ඡා කර තිබේ. ඊට අදාළ ගිවිසුම් ඉදිරි කාලයේ අත්සන් කිරීමට තනාපතිවරයා එකඟතාවය පළ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *