ශ්‍රී ලංකාව මුහුණ දුන් දුෂ්කර කාල වලදී ඉන්දියාව එරට අවශ්‍යතා සම්බන්ධයෙන් දැඩි ලෙස සංවේදී වූ බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කර ඇත.
” අපගේ වටිනා අසල්වැසියා වන ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ දුෂ්කර කාල වලදී අපි ඔවුන්ගේ අවශ්‍යතා කෙරෙහි ද ඉතා සංවේදී වී සිටිමු” යනුවෙන් ඉන්දීය ප්‍රවෘත්ති ඒජන්සිය වන’පීටීඅයී’ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරයා පවසා තිබේ.

ණය බරින් පෙළෙන අඩු ආදායම්ලාභී රටවලට උපකාර කිරීම සඳහා එළඹෙන ජී 20 සමුළුවේදී එකඟතාවයක් ගොඩනැගීමට ඉන්දියාව බලාපොරොත්තු වන බවද බව ද අගමැතිවරයා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *