බ්‍රිතාන්‍යයේ දිගුම කාලයක් රජ කිරුළ දැරූ දෙවන එලිසබත් එළිසබෙත් මහ රැජින හැත්තෑ වසරක රාජ්‍ය කාලය නිම කරමින් වයස අවුරුදු අනූ හයේ දී අභාවප්‍රාප්ත වූයේ සැප්තැම්බර් මස 8 වැනි දිනය.අලුතින් පිහිටුවා ගත් දෙවැනි එළිසබෙත් මහ රැජින අනුස්මරණ කමිටුව ඇයගේ සියවැනි ජන්ම අනුස්මරණය පැවැත්වීමේ දී අනුගමනය කිරීමට නියමිතව තිබූ ක්‍රියාපිළිවෙත ප්‍රථම අනුස්මරණ යේ දී අනුගමනය කිරීමට අදහස් කරගෙන සිටියි.

ස්වාධීන කමිටුව මෙහෙයවන්නෙ රැජිනගේ හිටපු පෞද්ගලික ලේකම්වරයකු වූ රොබින් ජන්ව්‍රන්‍ ය. ඔහුට මහරැජනගේ දශක ගණනාවක මහජන සේවාව පිළිබඳ අත්දැකීම් සම්භාරයක් ඇත. ඔහු එරට පාර්ලිමේන්තුවේ ද ගෞරවනීය සාමාජිකයෙකි.

ඔහු පවසන්නේ මහරැජින දිගුකාලීන රාජ්‍ය සමයේ කළ ජාතික සේවාව අනාගත පරපුර වෙත රැගෙන යාම දැවැන්ත අභියෝගයක් බවය. තෙවැනි චාල්ස් රජු ගේ සහ අගමැති රිශි සුනක්ගේ අනුමැතිය ඇතිව ජේෂ්ඨ රාජකීයයන්, විශේෂඥයන්, විද්වතුන් මේ කමිටුවට පත් කිරීමට නියමිතය. කමිටුව මහජනතාවගේ අදහස් ද අපේක්ෂා කරයි. රජය මූල්‍ය ආධාර ඇතුළු සියලුම ආධාර ලබාදීමට සූදානමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *