චීනය අවසරයකින් තොරව අඛණ්ඩව සිය ගුවන් හා මුහුදු සීමාව ආක්‍රමණය කිරීම හේතුවෙන් ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය සීරුවෙන් තැබීමට පියවර ගත් බව තායිවාන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට අමතරව ප්‍රහාරක ගුවන් යානා සහ යුධ නෞකා සීරුවෙන් තැබීමටද එරට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු යොදා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. තායිවානය මේ පියවර ගෙන ඇත්තේ පසුගියදා චීන හමුදා ප්‍රහාරක ගුවන් යානා 12ක් සහ යුද නෞකා හයක් තායිවාන ගුවන් හා මුහුදු සීමාව ආක්‍රමණයක් නිරීක්ෂණය කිරීමෙන් පසුව බවද වාර්තා වේ. ප්‍රහාරක ගුවන් යානා සහ යුද නෞකාවලට අමතක චීනයට අයත් බවට අනුමාන කරන ඔත්තු බැලීමේ බැලූනයක්ද තායිවාන සමුද්‍ර සන්ධියට පියාසර කළ බව එරට ආරක්ෂක අමාත්‍යාංශයේ නිරීක්ෂණයට ලක්වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *