ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර පවතින යුද්ධය අවසන් වූ පසුව ගාථා තීරයට පාසලක් ඉදිකර දීමට තමා පොරොන්දු වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

පලස්තීන රාජ්‍ය බිඳ දැමීමට ලංකා රජය කිසි දිනක සහාය ඵල නොකරන බවත් මෙම යුද්ධය නැවැත්වීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මහනුවර කටු කැලේ ජුමා මුස්ලිම් පල්ලියේ ඉෆ්තාර් උත්සවයට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා මේ බව කීය.

ශ්‍රී ලංකාවේ රාමසාන් උත්සවය සිදුකළද ගාසා තීරයේ ඉතා කණගාටු තත්ත්වයක් උද්ගත වී ඇතැයි පැවසූ ජනාධිපතිවරයා එම මුස්ලිම් ප්‍රජාව 35000කගේ පමණ ජීවිත අහිමි වී තිබෙන බව සඳහන් කළේය.

මෙවර ජාතික රාමසාන් උත්සවය නොපවත්වා එම මුදල් ගාසා තීරයේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් ලබාදුන් බවද හෙතෙම පැවසීය.

ගාසා තීරයේ මුස්ලිම් ප්‍රජාව වෙත ලබාදීම වෙනුවෙන් කාත්තංකුඩි මුස්ලිම් පල්ලියෙන් රුපියල් මිලියන දහයක්, කටු කැලේ මුස්ලිම් පල්ලියෙන් මිලියන 2.2 ක් සහ මුස්ලිම් විදේශ රැකියා නියෝජිත ආයතන රුපියල් මිලියන තුනයි දශම පහක මුදලක් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දුන් බව ජනාධිපති කාර්යාලය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *