විපක්ෂ නායක ලේකම්ගෙන් ජනාධිපති ලේකම්ට ලිපියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ අද පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී නොවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ ලේකම් ඩී.බී විජය ගුණවර්ධන මහතා විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත ලිපියකින් දැනුම්දී ඇති බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේය. විපක්ෂ නායකවරයාගේ ලේකම්වරයා ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර ඇති ලිපියෙන් පවසා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුමේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් විපක්ෂය දැනුවත් කිරීමට මුල සිටම ආණ්ඩුව පියවර ගත යුතුව තිබූ බවය.

තමන් මුල සිටම එහි අන්තර්ගතය පිළිබඳ දැඩි අවධානයක් යොමු කළේ වගකිවයුතු පාර්ශවයක් ලෙස සිය අදහස් ඊට ලබාදීම තුළින් රටට ප්‍රතිලාභ ලැබෙන ගිවිසුමක් සකස් කර ගැනීමේ අරමුණින් බවද එහි සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *