ගාල්ල රිච්මන් විදුහල සහ මහින්ද විදුහල අතර වාර්ෂික මහා ක්‍රිකට් තරඟය ආදරවන්තයින්ගේ සටන අද සහ හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

119 වැනි වරට පැවැත්වෙන තරගයේ රිච්මන් කණ්ඩායම ශ්‍රී ලංකා අවුරුදු දහනමෙන් පහළ කණ්ඩායමේ උපනායක තුන් ඉරියව් ක්‍රීඩක මල්ෂ තරුපති මෙහෙයවන අතර දහනමෙන් පහළ ජාතික කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දිනුර කළු පහන මහින්ද විදුහලේ පිලට නායකත්වය ලබා දෙයි.

මෙතෙක් පැවැති තරග අතරින් රිච්මන් විදුහල තරග විසි හතක ජය ගෙනා වැඩි ගෞරව අත් කරගෙන සිටින අතර මහින්ද විදුහල තරඟ 23ක් ජයගෙන තිබේ. සෙසු තරඟ ජය පරාජයකින් තොරව නිමා වී ඇති අතර වසර හතරක් තරඟය පවත්වා නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *