ආනයනික ඉන්දියන් බිත්තර අඩු මිලට ලබා දීමෙන් පසුවත් බේකරි නිෂ්පාදනවල මිල අඩුකර මහජනතාවට නොදෙන නිසා බේකරි සහ හෝටල් වලට ආනයනික බිත්තර ලබා දීම තාවකාලිකව නතර කළ බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවැසීය. ආනයනික බිත්තර රුපියල් 35 බැගින් බේකරිවලට ලබා දුන්නත් ඔවුන් බිත්තර ආශ්‍රිත නිෂ්පාදන වල මිල අඩුකර මහජනතාවට නොදී අධික ලාභයක් ලබන බව පෙනී ගිය නිසා ඔවුන්ට බිත්තර ලබා දීම නතර කළ බවද එම නිලධාරියා කීය. මේ වන විට දිනකට ආනයනික බිත්තර ලක්ෂ 10 බැගින් සතොස හා සුපිරි සුපිරි වෙළෙඳසල් හරහා අලෙවි කරන අතර, අවශ්‍ය බිත්තර තොග පවතින බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *