ඉන්ධන මිල පෙරේදා (31දා) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට තෙල් සංස්ථාව සහ ඉන්දියන් ඔයිල් සමාගම කටයුතු කර ඇත .ඒ අනුව octane 92 සහ 95 මෙන්ම සුපිරි ඩීසල් මිල ද ඉහළ ගොස් තිබේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 348 කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 375 කි.
ලංකා සුපිරි ඩීසල් මිල රුපියල් 12 කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 358 කි. ලංකා සුදු ඩීසල් මිල රුපියල් දෙකකින් පහළ පහළ දමා ඇති අතර එහි නව නිල මිල රුපියල් 306 කි.භූමිතෙල් මිල ද රුපියල් 10 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 226 කි.
මීට සමගාමී ඉන්දියන් ඔයිල් සමාගමේ මිල ගණන්ද සංශෝධනය කර ඇත.
චමින්ද සිල්වා