අපනයන බෝගයක් ලෙස කුරුදු අපනයනය කිරීම වෙනුවට අගය එකතු කළ කුරුදු නිෂ්පාදන ලෙස කුරුදු අපනයනය කිරීම හරහා විශාල විදේශ විනිමයක් මෙන්ම නව වෙළෙඳ පොළක් ද නිර්මාණය කරගත හැකියි හැකි බව අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි.

අපනයන සංවර්ධන මණ්ඩලයේ මඟ පෙන්වීමෙන් මගපෙන්වීමෙන් සිදුකළ කුරුදල කුරුදු ආශ්‍රිත අගය එක්කල නිෂ්පාදන සිදුකරන අපනයනකරුවන් මේ වන විටත් තම අපනයන ක්‍රියාවලිය සාර්ථකවයට පත්කරගෙන කුරුදු කිලෝ ලක්ෂ හතළිහක් පමණ අපනයනය කර ඩොලර් මිලියන 25ක් 30ක් අතර ආදායමක් මෙරට ආර්ථිකයට ලබාදෙයි.

රසකාරකයක් සහ ආහාර කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක් ලෙස මෙන්ම රූපලාවන්‍ය සත්කාර අමුදර්වය්ක් ලෙස බහුලව කුරුදු භාවිතා වන නමුත් මේ වන විට ඒ ආශ්‍රිතව සිදු කර ඇති අගය එක් කළ නිෂ්පාදන බොහොමයක් විදේශ වෙළෙඳපොළ වෙත අපනයනය කරයි. උතුරු ඇමරිකානු රටවල්, ඇමරිකානු රටවල් වලට මෙන්ම යුරෝපීය රටවල් බොහොමයකට මේ වන විටත් කුරුදු නිෂ්පාදන අපනයනය කරන අතර මේ අතරින් ceylon cinnamon tea ලෙස හඳුන්වන කුරුදු තේ සදහා විශාල ඉල්ලුමක් නිර්මාණය වී තිබේ.

මීට අමතරව කුරුදු තෙල්, කුරුදු කුඩු, රූපලාවණ්‍ය ද්‍රව්‍ය කුරුදු යොදා ගනිමින් නිෂ්පාදනය කරන අතර එවැනි නිෂ්පාදකයන් හට අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අවශ්‍ය සහාය දැක්වීමට බලාපොරොත්තු වේ.

nirmani thilakasiri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *