පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ පැවති තත්වයට සාපේක්ෂව මේ වනවිට රට තුළ යහපත් වාතාවරණයක් නිර්මාණය වීම හේතුවෙන් විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක් ඇති වී තිබෙන අතර, පසුගිය ජූනි මාසයේ අවසානය වන විට විදෙස් සංචාරකයන් 624,872 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
මේ වසරේ මැයි මාසයේදී සංචාරකයන් 83,309 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර, ඊට සාපේක්ෂව ජූනි මාසයේදී සංචාරකයන් 100,388 දෙනෙකු පැමිණ තිබෙන බව බවද පසුගිය 2022 වසරේ පළමු මාස හයක කාලයේදී මෙරටට පැමිණි 411,377ට සාපේක්ෂව මේ වසරේ අනුරූප කාල කාලපරිච්ඡේදයේදී සංචාරකයන් 624,874 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඒ අනුව පසුගිය 2022 වසරේ ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා කාලය තුළ සංචාරක ව්‍යාපාරයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 680ක ආදායමක් උපයා තිබෙන නමුත් මේ වසරේ එම කාලයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 875ක ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
මේ අතර පසුගිය ජූනි මාසයේදී අපනයන ඉපැයීම් 2023 වසරේ ජූනි මාසයේදී අඛණ්ඩව දෙවන මාසය සදහා ද එක්සත් ජනපද ඩොලර් බිලියන 1.0ක් ඉක්මවා තිබෙන අතර, ආනයන වියදම පසුගිය මාසයට සාපේක්ෂව පහළ ගොස් ඇත. 2023 වසරේ ජූනි මාසයේදී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශ ආයෝජන වල කැපී පෙනෙන ශුද්ධ ලාභයක් වාර්තා කර ඇත.
අයවැය සඳහා ලෝක බැංකුවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 250ක් පමණ ලැබීම, ජුනි මස අවසන් වන විට දළ නිල සංචිත මට්ටම, 2023 වසරේ මැයි මස අවසන් වනවිට පැවති එක්සත් ජනපද ඩොලර් බිලියන 3.5 ට සාපේක්ෂව, එක්සත් ජනපද ඩොලර් බිලියන 3.7 ක් දක්වා ඉහළ නැංවීමට හේතු විය. වෙළඳපොළ බලවේග විසින් විනිමය අනුපාතිකය තීරණය කිරීම පිළිබිඹු කරමින් ශ්‍රී ශ්‍රී ලංකා රුපියල 2023 වසරේ ජූනි මාසයේදී මාසයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව යම් විචලනයක් පෙන්නුම් කළ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

මහින්ද අලුත්ගෙදර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *