චීනයේ සිනොපෙක් සමාගම මගින් මෙරටට රැගෙන ආ පළමු ඉන්ධන තොගය පිරවුම් හල් වෙත මුදා හැරීම ඊයේ (01) සිට ආරම්භ කර ඇති අතර, එහි දෙවන තොගය අද (02) පැමිණෙන බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇමතිවරයා පවසන්නේ, දේශීය මූල්‍ය ආයතනවලින් විදේශ විනිමය පහසුකම් ලබාගැනීමේදී උද්ගත වන ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් ඉන්ධන සැපයුම ප්‍රශ්නගත වී තිබෙන අතර, දේශීය වෙළෙඳ පොළට නව සිල්ලර සැපයුම්කරුවන් ඇතුළු වීම මගින් ඛනිජ තෙල් නිෂ්පාදන සදහා විදේශ විනිමය අවශ්‍යතා ලිහිල් කරනු ඇති බවයි.
ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන් සමග ගිවිසුම් අත්සන් කර අවසන් වූ පසු, සිනොපෙක් රට පුරා ඉන්ධන පිරවුම්හල් 150 සමග සිල්ලර ඛනිජ තෙල් මෙහෙයුම් ආරම්භ කරනු ඇති බවද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.
මේ අතර, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මාර්ගෝපදේශ උල්ලංඝනය කරන පිරවුම්හල් සංස්ථාවට පවරාගෙන ඒවා විදේශීය සමාගම් වෙත ලබාදීමට සැලසුම් කෙරෙමින් පවතින බව පැවසේ.
මේ වන විටත් එසේ මාර්ගෝපදේශ උල්ලංඝනය කළ පිරවුම්හල් කිහිපයක් සංස්ථාව මඟින් පවරාගෙන ඇත.

රක්ෂණ ශ්‍රියන්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *