ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ පීඨයේ උපාධි අපේක්ෂිකාවක් වන අමායා සිතුමිණි කළු කෝට්ටගේ ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේදී රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇත. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයෙන් බිහිවූ දක්ෂ ක්‍රීඩිකාවක් වූ ඇය ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්වේ ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම විශේෂත්වයකි.

ජාතික පුහුණුකරු වන පුහුණුකරු රංගන තරංග මහතා යටතේ පුහුණුවීම් කරන ඇය ගොල්ඩ් කෝස්ට් සහ ොදු රාජ්‍ය මණ්ඩලීයක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළාය. ඇය 2021 බංගලිදේශයේ පැවති මධ්‍යම දකුණු ආසියානු ජිම්නාස්ටික් ශූරතා තරගාවලියේ ලෝකඩ පදක්කම් ලාබී කණ්ඩායමේ නායිකාව වූවාය.ශ්‍රී ජයවර්ධනපුර නිශාන්ති විදානගේ විදානගේ මහත්මියට, විදුහල්පති ය ආර් .ඒ.එම්.ආර් හේරත් මහතා සහ සියලු ගුරුවරුන්ට, ජාතික ජිම්නාස්ටික් සමාගමේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත්. සී .දොලවත්ත මහතා ඇතුළු ඇතුළු සියලු දෙනාට ස්තූතිවන්ත වන බව ඇය සදහන් සදහන් කරන්නීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *