මෙම වසරේ (2023) ගතවූ මාස 7 තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් පනස්හය දහස් අටසිය අනූදෙනෙකු වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන මර්දන ඒකකය පවසයි.
මෙම කාලයේ දී සිදුවී වී ඇති ඩෙංගු මරණ ගණන 37 කි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ බස්නාහිර පළාතෙන් බවත්, සිය අටදහස් දෙසිය දහතුනක් (28,213) බවත් එම ඒකකය කියයි.
ඩෙංගු අධි අවදානම සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ගණන හතළිස් අටක් බව ද එම ඒකකය කියයි.
පසුගිය ජූලි මාසයේ පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7360 ක් බව ද එම ඒකකය පවසයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්